26.5 C
Colombo
Thursday, November 14, 2024

සිව්වන වරටත් ලොව සතුටින්ම සිටින රට ෆින්ලන්තය. ශ්‍රී ලංකාව 126 වන ස්ථානයේ

- Advertisement -

2021 වසරේ ලොව සතුටින්ම සිටින රට බවට ෆින්ලන්තය පත්වී තිබෙනවා.

ෆින්ලන්තය එම ස්ථානය දිනාගෙන ඇත්තේ පිටපිට සිව්වන වරටයි.

මේ වන විට එළිදක්වා ඇති ලොව සතුටින්ම සිටින රටවල් පිළිබඳ සංඛ්‍යානමය සමීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 126 වන ස්ථානයයි.

2002 වසරේ සිට ඉදිරිපත් කරන ලෝක සතුට වාර්තාවට අනුව ලොව සතුටින්ම සිටින රටවල් නිර්ණය කිරීම සඳහා සංඛ්‍යානමය විශ්ලේෂණයක් භාවිතා කර කරනු ලබනවා.

මෙම ශ්‍රේණිගත කිරීමට ඒක පුද්ගල ආදායම, සමාජීය සහයෝගිතාවය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, සමාජීය නිදහස, ත්‍යාගශීලිබව, සහ දූෂණයෙන් තොරවීම වැනි කරුණු පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වන
ලියොඩ් රෙජිස්ටර් පදනම මගින් ප්‍රකාශයට පත් කරන එම වාර්තාවේ සංස්කාරක ලෙස කටයුතු කරන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා සරසවියේ මහාචාර්ය ජෝන් එෆ්. හෙලිවෙල්.

ලෝක සතුටු වාර්තාව මෙවර ඉදිරිපත් කර ඇත්තේ 9 වැනි වරට යි.

මෙවර ලෝකයේ ප්‍රීතිමත්ම රට තීරණය කිරීම සඳහා  ලෝකයේ රටවල් 149ක ජනතාව සමග සාකච්ඡා කර ලද තොරතුරු පාදක කරගෙන තිබෙනවා.

සිත්ගන්නා කරුණ නම්, 2021 වසරේ ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් 07 ලෙස ඉහළින්ම සිටින්නේ උතුරු යුරෝපීය රටවල් වීමයි.

ෆින්ලන්තය – පිට පිටම සිව්වන වසර සඳහා  සමස්ත ලකුණු 7.842 සමඟින් ඉහළ ගෞරවය ලබාගෙන ඇති අතර පිළිවෙලින් ඩෙන්මාර්කය (7.620), ස්විට්සර්ලන්තය (7.571), අයිස්ලන්තය (7.554), නෙදර්ලන්තය (7.464), නෝර්වේ (7.392) ), සහ ස්වීඩනය (7.363) ලකුණු හිමිකරගෙන තිබෙනවා.

එම වාර්තා වලට අනුව 149 වැනි ස්ථානය හිමි කර ගනිමින් 2021 සඳහා ලෝකයේ වඩාත්ම අසතුටුදායක රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානය යි.

RECENT ARTICLES - SINHALA

ඡන්ද විමසීම ආරම්භ වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. උදෑසනම...

ගල්කිස්සේ වෙඩි තැබීමක් : පුද්ගලයෙක් මරුට

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී අද (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ 03වන අදියර, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩිතැබීමෙන්...

කොළඹ කොටස් වෙළදපොළේ වාර්තාගත වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගියා. මීට පෙර...

POPULAR ARTICLES