31 C
Colombo
Sunday, December 29, 2024

තෙල් පෝලිමේ විනය බලන්න යුද හමුදාව

- Advertisement -

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක ඉන්ධන හල් අධීක්ෂණය කිරීම සඳහා යුද හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද සිට ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත්ව සිදුවන්නේද යන්න පිළිබඳව හමුදා සෙබළුන් යොදවා නිරීක්ෂණය කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසන්නේ.

ඉන්ධන හල් වෙත ලබාදෙන ඉන්ධන තොග නිසිරි පරිදි බෙදා හැරීම සිදු නොවන බවට වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර මේ නිසා ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති තිබේ. එම පෝලිම්වලදී ඇතිවන නොසන්සුන්කාරී තත්වයන් සම්බන්ධයෙන් දිනපතා වාර්තා වේ.

මෙවැනි නොසන්සුන්කාරී තත්වයත් ඇතැම්විට ගැටුම් දක්වා දුරදිග යන අතර පෙරේදා රාත්‍රියේදී එවැනි ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක් විය.

මෙම තත්වය මත බවුසර් මගින් ඉන්ධහල් වෙත රැගෙන ඉන ඉන්ධන තොග නිසි පරිදි පාරිභෝගියක් වෙත බෙදා හරින්නේද යන්න යුද හමුදා සෙබළුන් විසින් නිරීක්ෂණය කරන බවත්, ඒ හැර වෙනත් කිසිදු කාර්යයකට හමුදා සෙබළුන් මැදිහත් නොවන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

එළවළු මිලෙහි වෙනසක්

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග වල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම්...

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනයට සීමාවක්

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදයක් නිකුත් කර තිබෙනවා. එම පෙරහැර අද (29) රාත්‍රී...

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්

දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින්වල පවතින හිඟය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ධාවනයට සුදුසු එංජින් පවතින්නේ...

POPULAR ARTICLES