30 C
Colombo
Sunday, November 17, 2024

අපි නිධානයක් මත හිඳ හිඟා කනවා – ඇමති අමරවීර

- Advertisement -

ශ්‍රී ලංකාව සතු වටිනා භූ සම්පත්වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයත්, ලංකා ඛනිජවැලි සමාගමත් අසමත් වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා සදහන් කරන්නේ මේ හේතුවෙන් රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වන බවයි.

ඇතැම් පුද්ගලයන් හා සමාගම් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ගවේෂණ බලපත්‍ර ලබාගෙන වසර 10ක් පමණ ගතව ඇතත් එම ගවේෂණ කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව සිදු නොකෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එම අවිධිමත් ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාව නිධානයක් මත සිට ගෙන හිඟාකන රටක් බවට පත්ව ඇති බවයි අමරවීර මහතා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ වටිනා භූ සම්පත් ඇති ස්ථාන හඳුනා ගැනීම සඳහා දැනට සිදුකෙරෙන ගවේෂණ කටයුතු කඩිනම් කරන ලෙස එම ආයතනවලට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා සදහන් කරනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජවැලි සමාගමේ නිලධාරින් සමග පැවැත් වූ සාකච්ඡාවකදී මහින්ද අමරවීර මහතා මෙම අදහස් පලකළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ගෑස් නැවකින් ගෑස් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 8ක් වැනි මුදලක් සොයා ගැනීමත් රජයට අපහසු වී ඇති සමයක රටට ඇති වටිනා භූ සම්පත්වල නිසිඵල ලබා ගන්නට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටත්, ලංකා ඛනිජවැලි සමාගමටත් නොහැකි වී තිබීම කණගාටුවට කරුණක් බවයි.


RECENT ARTICLES - SINHALA

බොරැල්ලේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

බොරැල්ල කනත්ත අසල කිතුල්වත්ත මාර්ගයේ දී අද (17) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. නාරාහෙන්පිට සිට කිතුල්වත්ත පාර දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් යතුරුපැදියක ගැටී...

කුඩා දරුවෙක් ළිඳට වැටී මරුට

කල්ලිකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 09 ක් වයසැති...

පානදුරේදී පාසල් සිසුන් 6ක් අත්අඩංගුවට

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව...

POPULAR ARTICLES