29 C
Colombo
Saturday, April 12, 2025

පාරට බහින්න හරි ජීවිතේ ඉතුරු උනේ අපි නිසා..! – මහින්දානන්ද

- Advertisement -

ජනතාව මේ වනවිට දැවැන්ත පීඩනයක සිටි බව ආණ්ඩුව තේරුම් ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

වත්මන් අර්බුදය ආණ්ඩුව නිර්මාණය කළ අර්බුදයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව තේරුම් ගතයුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජනතාවද මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළයුතු බවත්, බඩට නොව රටට ලැබෙන දේ පිළිබඳව කල්පනා කළයුතු බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ජනතාව අතට හා බඩට ලැබෙන දේ පිළිබඳව පමණක් කල්පනා කරන බවයි.

ආණ්ඩුවට බැනීමට හෝ, ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණය කිරීමට හෝ ජීවිතය ඉතිරි වී තිබෙන්නේ ආණ්ඩුව විසින් ලබාදුන් එන්නත් නිසා බව අද බොහෝදෙනාට අමතක වී ඇති බවයි අද පැවති උත්සවයකදී කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කළේ.

ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය, අත්‍යවශ්‍ය ආහාර අර්බුදය ඇතුළු සියලු අර්බුද ඉතා ඉක්මනින් විසඳන බවත් ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ආණ්ඩුව සතු බවත් ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

හාලිඇල ප්‍රදේශයේ තිබී අභිරහස් මළසිරුරු දෙකක් සොයා ගැනේ

හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසනවා. හාලිඇල නගරයේ ත්‍රීරෝද රථ ගාල...

මැරීන් ඩ්‍රයිව් ළඟ Night Market එකක්

කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මැයි මාසයේ අවසානයේ සිට Marine Drive ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. පසුගියදා පැවති ප්‍රවෘත්ති...

මිලියන ගණනක හවුල් ගිණුමක් සම්බන්ධයෙන් යෝෂිතට හා ඩේසිට යළිත් අධි චෝදනා

යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කළ...

POPULAR ARTICLES