24.8 C
Colombo
Thursday, November 28, 2024

මරණ දඩුවම නියමවී සිටි ‘චොකා මල්ලි’ නිදොස් කොට නිදහස්

- Advertisement -

2015 ජනාධිපතිවරණය අතරතුර මැතිවරණ ප්‍රචාරක රැළියකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළා.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට මරණ දඩුවම ලබාදෙමින් රත්නපුරය මහාධිකරණය ලබා දී තිබු තීන්දුව අභියෝගයට ලක්කරමින් විත්තිකරුවන් ගොනුකර තිබු අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

එහිදි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන විනිසුරුවන් සඳහන් කළේ සිදුවීම සිදුවූ අවස්ථාවේ විත්තිකරුවන් අත ගිනි අවි තිබූ බවට හෝ ඔවුන් වෙඩි තැබු බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි.


RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...

අම්පාර ට්‍රැක්ටර් අනතුර: තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට සිසුන් සිව්...

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන...

POPULAR ARTICLES

වව්නියාවේ වැව් 30ක් කැඩී ගිහින්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණය සමඟ හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී...

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ දෙවැනි දිනය

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (28) දෙවැනි දිනටත් පැවැත්වෙනවා. තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි. වර්ෂාවෙන් බාධා...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...