27.6 C
Colombo
Saturday, November 23, 2024

විරෝධතාවයට අපේ සහය නෑ..! – විමල් පිළ

- Advertisement -

අප්‍රේල් 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධයට තමන් සහය නොදක්වන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

තමා ඊට සහය ලබා දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ඔහු පවසන්නේ.

තවද පක්ෂ 11ක එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බවත් වීරවංශ මහතා අවධාරණය කරනවා.

කෙසේ නමුත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට සහභාගි වන බව පැවසීම මගින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවයක් බව බොහෝ දුරට තහවුරු වෙමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම මෙම ‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට’ හසු නොවන ලෙස ආණ්ඩු විරෝධී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

වේයන්ගොඩ නිධානය සොයා කළ කැණීම් අවසන්

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන්...

POPULAR ARTICLES