27.9 C
Colombo
Saturday, November 23, 2024

අත්අඩංගුවට ගත් පිරිසට සහ මාධ්‍යවේදියෙකුට පොලිසිය පහරදීලා

- Advertisement -

ඊයේ (31) දින ජනාධිපති නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් විරෝධතාවයේ නිරත කාන්තාවක් ඇතුළු 45 දෙනෙකු අත්අඩංගුවට පත්විය.

එම පිරිසට පොලිසිය විසින් පහර දීඇති බවට නිරීක්ෂණය වන බවයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සුපුන් ජයවීර පවසන්නේ.

ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදය වළැක්වීමේ පණත සහ පොදු දේපල පණත යටතේ චෝදනා ගොනු කිරීමේ සූදානමක් ඇති බවත් ඔහු පවසනවා.

එමෙන්ම මාධ්‍යවේදියෙකුට ද පහරදීමක් සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.

මේ අතර ඔවුන්ට විරුද්ධව ත්‍රස්තවාදය වළැක්වීමේ පණත යටතේ චෝදනා ගොනු නොකරන ලෙසට මිරිහාන පොලිසියට පැමිණි මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් දන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහර සිරකරුවන්ට වෙඩි තිබ්බ නඩුව වහන්න නීතිපති දුන්න නියෝගය පුදුම සහගතයි

2020 වසරේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබියදී නීතිපතිවරයා නඩුගොනුව වසා දැමීම පුදුමසහගත කරුණක්...

දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

ඉදිරි පැය 36 දී උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

සිලින්ඩරේට තවත් ලෙඩක්

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම...

POPULAR ARTICLES