24.9 C
Colombo
Thursday, November 28, 2024

මෛත්‍රීපාල විසින් ආණ්ඩුවට සතියක කාලයක් දෙයි

- Advertisement -

උද්ගත වී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් රජයට සතියක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා

ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිත භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනයට වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ නම්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා විසින් දරනු ලබන ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙසට කටයුතු කිරීමටයි එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමිනුයි මෙම අදහස් පළකර ඇත්තේ.

ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර රටේ අභිවෘද්ධිය සඳහා මෙම උද්ගතවී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිත භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය සඳහා අවශ්‍ය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අදහස වී ඇති බවයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES