මේ වන විට රට තුළ ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින අනුරාධපුරයේ ඥාණක්කා නම් කාන්තාව පිළිබඳව බොහෝ දෙනා සොයා බලමින් සිටිනවා.
කාලි මෑණියන්ගේ දේවාරූඪයෙන් සාස්තර කියන මෙම කාන්තාවගේ අනාවැකි නිවැරැදි බව විශ්වාස කරන බොහෝ දේශපාලඥයින් ඇතුළු ප්‍රභූ පිරිස් ඇය සොයා අනුරාධපුරයට යනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සෑම සති අන්තයකම අනුරාධපුරයට යෑම පුරුද්දක් කරගෙන තිබීම සමාජයේ දැඩි කතා බහට ලක්වුණා.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ආණ්ඩුවේ ඇතැම් තීන්දු තීරණද ඥාණක්කාගේ උපදෙස් මත ගන්නා ලද ඒවා බවයි.
මේ වන විට ඥාණක්කා ඉලක්ක කරගෙන විවිධ විරෝධතා සංවිධානය වීමම ඊට හේතුවක් වී තිබෙනවා.
අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවය කළ ඥාණක්කා පසුව එම රෝහලේම දුරකථන ක්‍රියාකරවන්නියක් ලෙසද කටයුතු කර ඇතැයි වාර්තා වනවා.
මේ ඇයගේ ඡායාරූප කිහිපයක්,