27 C
Colombo
Tuesday, April 15, 2025

මහින්දගේ රුව ඇති රුපියල් 1000 වෙළෙඳුන් එපා කියයි

- Advertisement -

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළඳසැලකට ලබාදුන් පුද්ගලයෙකුට අදාල වෙළඳසැල් හිමිකරුවන් විසින් ඊයේ (05) සවස දැඩි විරෝධය පෑමෙන් උණුසුම් තත්වයක් හටගෙන තිබුණි.

යාපනය නගරයේ පිහිටි සාප්පූ සංකීරණයකට ගිය පුද්ගලයෙකු අවශ්‍යතාවයක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් අදාල මුදල් නෝට්ටුව ඉදිරිපත් කිරීමත් සමග වෙළඳසැල් හිමියා විසින් මුදල් නොට්ටුව ලබා දුන් පුද්ගලයා සමග උරණ වී දැඩි ලෙස බැන වදිමින් කියමින් එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පවසා ඇත.

අනතුරුව මුදල් හිමියාද වෙළෙඳහිමියා සමග බහින්බස් වීම හේතුවෙන් අසල්වැසි වෙළඳසැල් හිමියන්ද එම ස්ථනයට පැමිණීමත් සමග දැඩි නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙන අතර අනතුරුව අසල්වැසි වෙළෙඳ හිමියන් විසින් තත්වය පාලනය කොට ඇත.

රටේ රාජපක්ෂ පාලනය කෙරෙහි පවතින විරෝධතා වාතාවරනය හේතුකොටගෙන මුදල් හිමියාට අදාල මුදල් නෝට්ටුව නැවත වෙනත් වෙළඳ සැලකටද ඉදිරිපත් නොකරන ලෙසට අවවාද කොට එම ස්ථානයෙන් ඉවත් කිරීමට සෙසු වෙළඳසැල් හිමියන් පියවර ගෙන තිබුණි.

RECENT ARTICLES - SINHALA

රිය අනතුරකින් දැරියක් මරුට – හයක් රෝහලේ

ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වු...

බීමත් රියදුරන් අල්ලන්න,අඛණ්ඩ මෙහෙයුම්

බීමත්  රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි. බීමත්ව රිය පැදවීමෙන් වළකින...

අද හවසට ලොකු වැස්සක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES