24.9 C
Colombo
Thursday, November 28, 2024

මුදල් ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති නැති රටේ සල්ලි අච්චු ගැහිල්ල දිගටම

- Advertisement -

ඊයේ (06) දින පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රු. බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසනවා

කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපනය කර එයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමෙන් පසුව අච්චු ගැසූ මුදල රු. ලක්ෂ 4,434,700ක් (රු.බිලියන 443.47) බවයි ඔහු පෙන්වා දෙන්නේ

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2020 ජනවාරි 1 දින සිට මේ දක්වා රු. බිලියන 1,774.77ක් අච්චු ගසා ඇත.

මුදල් ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති අතුළු රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් නොමැති වුවත් රජය අඛණ්ඩව මුදල් අච්චු ගැසීම විශ්මයජනක බවත් ඔහු පවසනවා.

මුදල් අච්චු ගසමින් වැටුප් ගෙවීමෙන් අද පවත්නා ආහාර, විදුලිය, ගෑස් හිඟයට පිළියමක් නොලැබෙන බවත් ආර්ථික අර්බුදය විසඳීමට නම් රටේ විධිමත් ආණ්ඩුවක් ස්ථාපනය කර දේශපාලන ස්ථාවරත්වය මුලින්ම ඇති කර ගත යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙලා

රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට...

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

දීඝදන්තු 1 හස්තියා මරුට

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා...

POPULAR ARTICLES