29.1 C
Colombo
Wednesday, April 9, 2025

Go home Gota සහ We want Gota හලාවතදී ගැටෙයි

- Advertisement -

‘We Want Gota’ (අපිට ගෝටා අවශ්‍යයි) තේමාවෙන් යුක්තව අද (11) දින හලාවත දී රජයට පක්ෂව පෙළපාලියක් සංවිධානය කර තිබිණ.

එහිදී රජයට විරුද්ධව පැමිණි විරෝධතාකරුවන් පිරිසක් විසින් හූ හඬ නැගීමත් ගල්-මුල් ප්‍රහාර එල් කිරීමත් හේතුවෙන් ඇතිවූයේ උණුසුම් තත්වයක්.

මෙම ගැටුම පාලනය සඳහා සඳහා 100ට අධික පොලිස් කණ්ඩායමක් යොදවා තිබූ අතර පොලිසියේ සහයට යුධහමුදාව යොදාගැනීමට ද පොලීසිය කටයුතු කර තිබුණි.

රජයට පක්ෂපාති පිරිස් සහ විරෝධතාකරුවන් 1000ට අධික පිරිසක් මෙම ස්ථානයට රැස්ව සිටි අතර අවසානයේදී කතෝලික ආගමික නායකයින් විශාල පිරිසක් ද රජයට එරෙහිව හලාවත නගරයට එක්විය.

මෙම විරෝධතා හා ගැටුම් හේතුවෙන් විශාල රථවාහන තදබදයක්ද ඇතිවූ අතර ගල්ප්‍රහාරයකින් වාහනයක ඉදිරිපස වීදුරුවක්ද විනාශ විය.

මෙහිදී කිසිදු විරෝධතාකරුවෙකුට තුවාල සිදු නොවූ බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජපක්ෂ පවුලට අයත් ප්‍රදේශයේ නිවසකට අදාළ ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව...

Breaking: පාස්කු සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත  පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2018 වසරේ නොවැම්බර් මාසයේදී මඩකලපුව- වව්නිතව්  ප්‍රදේශයේ...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින...

POPULAR ARTICLES