ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පක්ෂව සංවිධානය කරන ලද ජන රැලියක් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද දින අනුරාධපුර නගරයේදී සිදු විය.
ජනාධිපතිවරයා තවදුරටත් බලයේ සිටිය යුතු බවයි එහිදී ඔවුන් පවසා සිටියේ.
එමෙන්ම විපක්ෂය විසින් ගෙන එන වවිශ්වාසභංගයට එරෙහි විය යුතු බවත් එහිදී ඔවුන් පවසා සිටියා.
කෙසේ නමුත් රජයට තවමත් සහය පලකරන පිරිස් තණකොල කෑ යුතු බවට වන පුවරුවක් අනුරාධපුර නගරයේ ප්‍රදර්ශනය කර තිබුණා.
Related

රට ගොඩනෑගීමට උදා වී ඇති අවසන් අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ ඊයේ (21) පෙරවරුවේ අනුරාධපුරයේ දී අදහස් දක්වමින්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් සංවිධාන කළ අනුරාධපුර සංවර්ධන සභාව ඊයේ පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති රනිල්…

2022 අතුරු අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 05ක් හිමිවුණා. මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටිමද විශේෂත්වයක්. මේ අතර, අතුරු අයවැයේ තෙවැනිවර කියවීම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඡන්දයකින් තොරව සම්මත වුණා. පසුව මීළඟ පාර්ලිමේන්තු සභාවාරය සැප්තැම්බර් 6 වනදා පෙරවරු 9.30 දක්වා කල්තැබුණා.…

චීනයේ ෂැන්ඩො ප්‍රාන්තයේ පිහිටි සමාගමක් සැප්තැම්බර් මාසය අවසන් වන විට එම සමාගමේ සේවකයින් තනිකඩව හෝ දික්කසාදව සිටියහොත් සේවයෙන් පහ කරන බවට පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. South China Morning Post හි වාර්තාවකට අනුව, Shandong Shuntian Chemical Group Co. Ltd, නම් එම සමාගම එහි 1,200ක් පමණ වන සේවකයින්ට දැනුම් දීමක්…