අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බවට ජනතාව මැසිවිලි නගති.
ලංකා සතොස අළෙවි සැල් වලට ගියත් සහන මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ නොමැති බවයි වාර්තා වන්නේ.
ඇතැම් ලංකා සතොස ශාඛාවල සහන මල්ල සීමිත ප්‍රමාණයක් පමණක් තිබුණත් ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ජනතාව පවසනවා.
නාඩු හෝ සම්බා හෝ කිලෝ ග්‍රෑම් 10ක් සීනි කිලෝ එකක්, හයිලන්ඩ් කිරි පිටි පැකට් එකක් සහ තේ කොළ පැකට්ටුවකින් සහන මල්ල සමන්විත වේ.
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හදුන්වා දී ඇති සහන මල්ලක මිල රුපියල් 1950කි.
මෙයට අමතරව සතොස මගින් දෙන හාල්, සීනි, පරිප්පු, ටින් මාලු ආදී භාණ්ඩ අළෙවිය සීමා කර ඇතැයි ද පාරිභෝගිකයන් පවසනවා.
බොහෝ ලංකා සතොස අළෙවිසැල් වල සීමා කර සහිතව හෝ හාල්, පරිප්පු ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට නැතැයිද ඔවුහු සඳහන් කර සිටිනවා.