WWE ආයතනයේ ලුක් හාපර් ලෙස ප්රකටව සිටි, AEW ආයතනයේ බ්‍රෝඩි ලී ලෙස හඳුන්වන රෙස්ලින් ක්‍රීඩකයා වයස අවුරුදු 41 දී හදිසියේ මියගොස් තිබේ. කොවිඩ්-19 නොවන පෙණහළු ආබාධයක් ඔහුගේ මරණයට හේතු වී තිබේ.
ඔහු බ්රේ වයිට්ගේ සුප්‍රකට වයිට් ෆැමිලි කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියේය. WWE ආයතනයේදී ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශූරතාවය සහ ටැග් ටීම් ශූරතා කිහිප වතාවක් ඔහු ජයගත්තේය.
2019 දී ඔහු WWE ආයතනයෙන් ඉවත් විය. මේ වන විට නැගී එන සුප්‍රකට රෙස්ලින් ආයතනයක් වන AEW ආයතනයට එකතු විය.
ඔහු මෑතක් වනතුරුම රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රියාකාරීව සිටි අතර තාවකාලික විරාමයක් සඳහා මාස කිහිපයකට ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය. අවසන් වරට ඔහු ටීඑන්ටී ශූරයාව සිටියේය. ඔහුගේ අවසන් තරගය ඩෝග් කොලර් වර්ගයේ දරුණු තරගයක් වූ අතර, එහිදී ඔහුව පරාජය කොට කෝඩි රෝඩ්ස් ටීඑන්ටී ශූරතාව දිනාගත්තේය.