30 C
Colombo
Sunday, December 29, 2024

සරත් වීරසේකර රට වටේ පොලීසි දැම්මට කුලී ගෙවලා නැහැ – ගොඩනැගිලි හිමිකරුවන්

- Advertisement -

කඩුවෙල ප්‍රදේශයට නව පොලිස් ස්ථානයක් ලබාදෙන බව පවසමින් කඩුවෙල අධිවේගී පිවිසුම ආසන්නයේ අලුතින් ආරම්භ කළ කඩුවෙල පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ හිමිකරුට මේ වන තෙක් කිසිදු කුලී මුදලක් ගෙවා නොමැතිබවට තොරතුරු වාර්තා වනවා.

ගොඩනැගිල්ලේ හිමිකරු පවසන්නේ මසකට ලක්ෂ 2 බැගින් වූ කුලී පදනම මත අදාළ ගොඩනැගිල්ලෙහි පොලිස් ස්ථානයක් ආරම්භ කිරීම සඳහා එය ලබාදුන් බවයි.

බදු ඔප්පුවක් හෝ අත්සන් කිරීමකින් තොරව ලියවිල්ලක් මත පමණක් පොලීසිය එය ලබාගෙන ඇති අතර පොලිස් ස්ථානය ආරම්භ කර මාස 10 ක් ගතව ඇතත් ඒ වෙනුවෙන් තමන්ට කිසිදු ගෙවීමක් මේ වන තෙක් සිදු නොකළ බව ගොඩනැගිල්ලේ හිමිකරු පවසනවා.

ඒ අනුව මේ වන විට පොලීසිය අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුට රුපියල් ලක්ෂ 20 ක් ණය වී තිබෙනවා.

මේ අතර කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් හට නවාතැන් ගැනීම සඳහා ගත් කුළී නිවසටද මාස 09 ක කාලයක පටන් කිසිදු මුදලක් ගෙවා නොමැති බව එම නිවසේ හිමිකරුද පවසනවා.

පසුගිය වසරේ ජූලි 13 වන දින එවකට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් කඩුවෙල නව පොලිස් ස්ථානය විවෘත කරනු ලැබූවා.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ රට වසා දමා තිබියදීත් ඔහුගේ පාලන සමය තුළ නව පොලිස් ස්ථාන කිහිපයක්ම විවෘත කිරීමට අමාත්‍යවරයා කටයුතු කළා.

එම අවස්ථාවන් උත්සවාකාරයෙන් පිරිස් ඒකරාශීකර පැවැත්වීම පිළිබදව එකල අමාත්‍යවරයාට දැඩිව චෝදනා එල්ල වුණා.

මේ අතර පොලිස් ස්ථානවලට කුළී ගෙවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයට මුදල් නොමැති වුවද විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ගැසීමට නව කඳුළු ගෑස් හා එම අවස්ථාවන්හීදී භාවිතා කිරීමට විශේෂ මුහුණු ආවරණද මිලදී ගෙන තිබෙනවා.

ඊයේ (24) ගාලු මුවදොර අසල අටවා තිබූ ස්ථීර පොලිස් මාර්ග බාධක අසළ මෙම නව මුහුණු ආවරණ ගොඩගසා තිබූ අතර ඒවා ආනයනික මට්ටමෙන්ම පෙට්ටිවල බහා විවෘත නොකර තිබෙන අයුරු දක්නට ලැබුණා.


RECENT ARTICLES - SINHALA

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, රජයේ නිවාඩු දින විශාල...

මනූෂගේ සහෝදරයාට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා. ෆින්ලන්තයේ රැකියා...

විදුලි බිල අඩු කරන හැටි කියන දවස මෙන්න

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට...

POPULAR ARTICLES

දකුණු අප්‍රිකාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට

2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද (29) හැකිවුණා. ඒ, දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පාකිස්තානයට එරෙහිව අවසන් වූ...

දකුණු කොරියා ගුවන් අනතුරින් 177 මරුට

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගත් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඇරෙන්නට අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට බලධාරීන් අනුමාන කර තිබෙනවා. එමෙන්ම...

ICC සම්මාන සඳහා තේරුණු සිංහයෝ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාට අමතරව...