24 C
Colombo
Friday, November 8, 2024

සද්දෙට පිරිත් දාපු මහින්දට පැමිණිල්ලක්

- Advertisement -

‘මයිනාගෝගම ‘ ලෙස අරලියගහ මන්දිරය ඉදිරිපිට ක්‍රියාත්මක විරෝධතාවයට බාධාවන අයුරින් දින කිහිපයක පටන් අරලියගහ මන්දිරය තුළින් අධික ශබ්දයෙන් යුතුව පිරිත් දේශනයක් අඛණ්ඩව පැය 24 පුරාවටම විකාශය කෙරෙමින් පවතිනවා.

මෙම නීති විරෝධී ක්‍රියාව නීති විරෝධී බව පවසමින් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව ජාතික පොලිස් කොමිසමේ හදිසි ඇමතුම් අංකය වන 1960ට පැ මිණිලි කර තිබෙනවා.

අප්‍රේල් 27 වනදා සිට අරලියගහ මන්දිරයේ සිට මහ හඬින් පිරිත් විකාශය කරන බවත්, ඒ සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිත කර ඇති බවත් පැ මිණිල්ලේ සඳහන්.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් මස 9 වනදා මූලික මිනිස් අයිතිවාසිකම් නඩු අංක 38/2005 සඳහා ලබාදී ඇති තීන්දුව අනුව, මෙරට ඕනෑම පෞද්ගලික හෝ පොදු ස්ථානයක ඇම්ප්ලිෆයර්, බෆල් සහ ලවුඩ්ස්පිකර් යොදා ශබ්දය විකාශය කරනු ලබන්නේ නම් ඒ සඳහා ළඟම ඇති පොලිස් ස්ථානයෙන් වලංගු බලපත්‍රයක් ලබාගත යුතු බව ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව සඳහන් කරනවා.

අරලියගහ මන්දිරයේ මෙසේ නීති විරෝධී අන්දමට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා පිරිත් විකාශනය කිරීම, මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා අපහාසයක් බවත් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES