26 C
Colombo
Tuesday, January 21, 2025

සමගි ජනබලවේගය අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන හැටි හර්ෂ හෙළිකරයි

- Advertisement -

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ කොන්දේසිය අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව හර්ෂ ද සිල්වා මහතා සදහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වුවහොත් සමගි ජනබලවේගය පක්ෂය 113 කට වැඩි මන්ත්‍රී කණ්ඩායමකින් යුක්තව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන බවයි.

හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජයට තවදුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක හා නීත්‍යානුකූලභාවයක් නොමැති බවයි.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මීට පෙර කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම අදහස් පලකර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නම් නියමිත කාලයට ආණ්ඩුව පිහිටුවීමට හැකිවීම සඳහා ප්‍රධාන පක්ෂ සියල්ල නියෝජනය වන පරිදි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් දෙකක් එකතු වී නැවත වරක් ආණ්ඩුවක් පිහිටුවීමෙන් සිදුවන්නේ දැනටමත් පවතින දුර්භාග්‍යය තවදුරටත් දීර්ඝ කිරීමක් පමණක් බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: නව පනතක් ගේන තුරු PTA එක ක්‍රියාත්මක කරනවා

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන අතර නව පනතක් සම්මත කරගන්නා තෙක් එය ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභානායක බිමල් රත්නායක පවසනවා. අද...

අර්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්

රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී...

අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්

අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්...

POPULAR ARTICLES