31 C
Colombo
Wednesday, January 8, 2025

අගමැති සහ ජනපති කණ්ඩායම් දෙකක..! – වාසු

- Advertisement -

ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11ක නායකයින් අද (29) උදෑසන ජනපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීය.

එම සාකච්ඡාවේදී තමන් විසින් ඉදිරිපත්කර තිබූ යෝජනාවලට ජනපතිවරයා එකඟවූ බව එම සාකච්ඡාවට සහභාගීවූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

“අන්තර්කාලීන පාලන ක්‍රමයක් සහිත සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැනෙන්නේ වැඩිම අවුරුද්දකට. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි සියලු වගකීම් භාර ගත්තා. අගමැතිවරයාගේ ඉවත්වීම ගැන කතා කළේ නැහැ. සර්ව පාක්ෂික එකතුව හදාගැනීම ගැන තමයි කතා කළේ. දැන් අනෙකුත් සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔවුන්වත් එකතු කරන්න හැම උත්සාහයක්ම දරනවා.

ජනාධිපතිතුමා කිව්වා එතුමාගෙන් කෙරෙන්න ඕන ටික එතුමා කරන්නම්. අවශ්‍ය නම් එක්කරගෙන එන්න එතුමාත් කතා කරන්නම් කියලා. දැන් මෙතන කණ්ඩායම් 3ක් තියෙනවා. ජනාධිපති සහ එතුමාගේ කණ්ඩායම, අගමැති සහ එතුමාගේ කණ්ඩායම, අපි කණ්ඩායම.

අපේ සාකච්ඡාවෙන් පසු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු පිරිස හමුවෙයි. ජනාධිපතිතුමා කිව්වා ඇමතිධූර ලබාගත් දෙන්නාගේ තිබුණු හිතේ අමාරුව ගැන. ඒ දෙන්නා ගැන යළිත් වෙන තීරණයක් ගන්න බෑ කියලත් කිව්වා.”

RECENT ARTICLES - SINHALA

අදටත් හමු නොවූ ලසන්ත ඝාතකයෝ

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා  ඝාතනය කර අදට වසර 16ක් ගත වී තිබෙනවා. සිය සේවා ස්ථානය වූ, සන්ඩේ ලීඩර්...

ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

රත්මලානේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවත්වුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිතියේ...

එයා පෙන්නනකම් තමා අපිත් බලන් ඉන්නේ – නලින්ද

හිටපු කතානායක අශෝක රන්වල සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන තෙක් රජය ද බලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES