26 C
Colombo
Friday, November 8, 2024

තරුණ අරගල නිසා රටට ඩොලර් නෑ..! – මහජන ආරක්ෂක ඇමති

- Advertisement -

ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ සමාජීය ගැටළු,කලහකාරී සිදුවීම් නිසා මේ වෙද්දී සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බව මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කළ පසු ප්‍රථම වතාවට දවසකට සංචාරකයින් දහසකට අඩු ප්‍රමාණයක් මේ සතියේ පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

තැඹිලි කපන පුද්ගලයාගේ සිට ඉහළම ව්‍යාපාරිකයාගේ දක්වා ආදායම් ඉහළ යාමට මෙන්ම අරටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ද හැකි වන්නේ සංචාරකයින්ට පැමිණිය හැකි වාතාවරණයක් නිර්මාණය කළහොත් පමණක් බවත් හෙතෙම කියා සිටිනවා.

ඩොලර් අර්බුදයට විසඳුමක් ලබා ගත හැක්කේ ඒ හරහා පමණක් බවයි රණතුංග අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර පවතින ආර්ථික අර්බුදයට උද්ඝෝෂණ තුළින් මෙන්ම කලහකාරී හැසිරීම් තුළින් විසඳුම් ලබා දීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වාදෙනවා.

”මේ වෙලාවේදී තරුණයින්ට ලොකු වගකීමක් තියෙනවා අනාගතයට මේ රට භාර දෙන්න. ඒ සඳහා අපි සියලු දෙනාගේම කැපකිරීම් කරන්න අවශ්‍යයි. මේ ආර්ථික අර්බුදයට උද්ඝෝෂණ තුළින් ඒවගේම කලහකාරී හැසිරීම් තුළින් විසඳුම් ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයින් වෙන්නේ තව මේ රට අගාධයට පත්වීම පමණයි. මේ අර්බුදයට විසඳුමක් සපයන්න පුළුවන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව,ව්‍යවස්ථානුකූලව අපි කටයුතු කිරීමෙන් පමණයි. මේ රටේ විද්වතුන්ගේ මතයත් එයයි. රජයක් පෙරලනවා නම් ඒක ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු දෙයක්.

ඒ සඳහා අපි හැමෝටම අයිතියක් තිබෙනවා. නමුත් අද මේ රට පත්වෙලා තිබෙන තත්ත්වය තුළින් අපිට මේ කලහකාරී ලෙස හැසිරිලා සමාජය පීඩාවට පත්වෙන ආකාරයට කටයුතු කිරීමෙන් වෙන්නේ මේ රට තව තවත් ආගාධයට වැටීම. ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර අතට පත්වීමයි. ඒ නිසා අපි සියලු දෙනාම එක්කහු වෙලා මේ රට ගොඩගන්න කටයුතු කරමු කියල තරුණයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.”


https://www.news19.lk/750-soldiers-are-stationed-in-a-building-near-the-presidential-palac

RECENT ARTICLES - SINHALA

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය නිකුත් කල නිවේදනයේ...

POPULAR ARTICLES