26 C
Colombo
Friday, November 8, 2024

ආණ්ඩුවේ අන්තර්වාර සිහිනය දියවෙන ලකුණු – සජබෙ, ජවිපෙ විරුද්ධයි

- Advertisement -

අන්තර්වාර රජයක් සමග එක්වීමට සමගි ජනබලවේගය විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නිදහසේ අරගලය තේමාවෙන් සමගි ජනබලවේගය මහනුවර සිට කොළඹට පැමිණෙන පාගමන ඊයේ (29) සිව්වන දිනට දංඕවිට නගරයෙන් ආරම්භ කළ අවස්ථාවේදී අදහස් දක්වමින්.

අන්තර්වාර පාලනයකට පැමිණෙන ලෙසට ඉල්ලමින් තමාට පැය 24 පුරා දුරකතන ඇමතුම් ලැබෙන බවත් විපක්ෂ නායක ධුරය නැති කිරීමට සැලසුම් ඇති බවට ද එමගින් තර්ජනය කරන බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් විපක්ෂ නායක ධුරය අත්හැරීමට තමා ඕනෑම වේලාවක සූදානම් බවත් ජන මතයට විරුද්ධව ආණ්ඩුවට වාසි සිදුවන අන්තර්වාර රජය ගොඩ නැගීමට ඉඩ නොතබන බවත් මෙහිදී ඔහු අවධාරණය කර සිටියා.

මේ අතර, අන්තර් කාලීන හෝ කුමන හෝ ආණ්ඩුවක් ගැන සිතීමට පළමු කොන්දේසිය වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තබාගෙන හදන අන්තර් කාලීන ආණ්ඩු තේරුමක් නැති විහිළුවක් පමණක් බවත් ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

රටේ සමස්ත ජනතාව සති ගණනාවක සිට පාරට බැස ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ සහ අගමැතිවරයාට මෙන්ම වර්තමාන ආණ්ඩුවට ඉවත්වන ලෙස කරන අරගලයට ඇහුම්කන් නොදී මෙවැනි ආණ්ඩුවක් පත්කිරීම තේරුමක් නොමැති බව කී ටිල්වින් සිල්වා, පොහොට්ටුවේ කණ්ඩායමේ පිරිස අතර සමඟියක් හදාගැනීමට නොහැකිව තිබියදී සර්ව පාක්‍ෂික අන්තර් පාලන ගැන කථා කිරීම හස්‍යය දවන බව ද සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය නිකුත් කල නිවේදනයේ...

POPULAR ARTICLES