24.1 C
Colombo
Friday, November 29, 2024

අර්බුදය මැද පාර්ලිමේන්තුව දවස් 8ට කෝටි 7ක් වියදම් කරලා..!

- Advertisement -

රටේ අර්බුදය නිර්මාණයවීමෙන් පසු පාලිමේන්තුව අවස්ථා අටක් මේ දක්වා රැස්වී ඇති අතර එම රැස්වීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් හත් කෝටි තිස් හය ලක්ෂයක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

පසුගිය 5, 6, 7,8 ,19,20,21 සහ 22 යන දිනවලදී මේ රැස්වීම් පැවති නමුත් එම රැස්වීම් අටෙන්ම රටේ අර්බුදයට නිශ්චිත විසඳුමක් ඉදිරිපත්ව නොවීය.

රටේ අර්බුදය සම්බන්ධයෙන් දින කිහිපයක විවාදයක් ද පාර්ලිමේන්තුවේදී එම කාලයේදී පැවැත්විණ.

පාර්ලිමේන්තුව එක් දිනක් රැස්වීම සඳහා වැය වන සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ 92ක් පමණ වන අතර අදාල අගය ගණනය කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ පඩි නඩි, දීමනා, විදුලිය, ජලය, ඉන්ධන, ප්‍රවාහන පහසුකම් ආහාර පාන, ලිපි ද්‍රව්‍ය සැපයීම යනාදී සියලු කටයුතු සියල්ල තක්සේරු කිරීමෙනි.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ දිනෙක වියදම දළ වශයෙන් රුපියල් ලක්ෂ අසූ හතක් පමණ වන බවට ගණන් බලා ඇත.


RECENT ARTICLES - SINHALA

අම්පාරේ ගංවතුරට හසුවූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අම්පාර, නිර්දවූර් ප්‍රදේශයේ ගංවතුරට හසුව අතුරුදන් වූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා සඳහන් කළේ, ට්‍රැක්ටර් රථය...

මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි...

නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට

යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන...

POPULAR ARTICLES

අම්පාරේ ගංවතුරට හසුවූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අම්පාර, නිර්දවූර් ප්‍රදේශයේ ගංවතුරට හසුව අතුරුදන් වූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා සඳහන් කළේ, ට්‍රැක්ටර් රථය...

මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි...

ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අද (29) පස්වරු 1ට මෙරට වේලාවෙන් ඩර්බන් නුවර දී ආරම්භ...