26.2 C
Colombo
Friday, November 8, 2024

තායිලන්තයෙන් ලිට්‍රෝ සමාගමට ලාභ ගෑස්

- Advertisement -

මෙරට පාරිභෝගිකයන්ට අඩු මිලට ගෑස් ලබාදීම සඳහා නව සැපයුම්කරුවෙකු තෝරාගෙන ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

තායිලන්තයේ සියාම් ගෑස් සමාගම මෙලෙස තෝරාගෙන ඇති බවත් එම සමාගම මගින් පසුගිය වසර දෙක තුළ ගෑස් ආනයනය කළ සමාගමෙන් ගෑස් ලබාගත් මිලට වඩා මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 9 ක් අඩුවෙන් ලබාගත හැකි බවත් එහි සභාපති විජිත හේරත් පවසනවා.

ලබන මස සිට ඉදිරි වසර 2 සඳහා මෙරටට ගෑස් ආනයනය කිරීමට නව සමාගමක් තෝරා ගැනීමට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ගතවූ දෙවසර තුල මෙරටට ගෑස් ආනයනය කරනු ලැබූවේ ඕමාන සමාගමකින්. එහි ගිවිසුම් කාලය මේ මස තුළ දී අවසන් වීමට නියමිතයි. ඕමාන සමාගම සමග ඇති කර ගෙන තිබූ ගිවිසුම අනුව එම සමාගම මගින් මෙරටට එවන ලද අවසන් ගෑස් නෞකාව ඊයේ (29) මෙරටට ළඟා වුණා. එමඟින් රැගෙන ආ ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 3,500 ගොඩබෑමෙන් අනතුරුව බෙදාහැරීම් සිදු කිරීමට නියමිතයි.

බහුලව ගෑස් භාවිතයට ගැනෙන සියයට 28 ක්වූ නාගරික පාරිභෝගික ප්‍රජාවට සහ කර්මාන්ත ශාලා වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දිවයින පුරා පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම පහව යාමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවත් යළි ගෑස් බෙදාහැරීම් ආරම්භ කර ඇති බව ප්‍රචාරය වීමත් සමග දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන වෙත පාරිභෝගිකයින් විශාල ලෙස පැමිණමින් සිටින බවත් පැවසේ.

ගෑස් මිල පෙර පැවති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් දක්වා ඉහළ නංවා ඇති පසුබිමක ඊයේත් දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් පැවතුණා.


RECENT ARTICLES - SINHALA

වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණයත් සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා. එම දෙපාර්මේන්තුව සදහන් කළේ, උතුර, උතුරු මැද, වයඹ,...

අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම, මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය...

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා. කිසියම්...

POPULAR ARTICLES