අරලියගහ මන්දිරය අසළ ‘ මයිනාගෝගම’ ආරම්භ කර අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට වහාම ඉල්ලා අස්වෙන්නැයි බලකරමින් විරෝධතාවක් මීට සතියකට පමණ පෙර ආරම්භ වුණා.
පසුව විරෝධතාකරුවන්ගේ විරෝධතා වැකි නෑසෙන පරිදි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට ගාලු පාර තෙක් ඇසෙන පරිදි අධික ශබ්දයෙන් පැය 24 පුරා අඛණ්ඩව පිරිත් දේශනා විකාශය කළා.
කෙසේවෙතත් ඊයෙ අලුයම පොලීසිය විසින් අදාළ විරෝධතාකරුවන්ගේ කූඩාරම් ගලවා දමා දෙදෙනෙකුට පහරදී එම ස්ථානයෙන් ඔවුන් එළවා දැමීමට කටයුතු කර තිබුණා.
ඉන් අනතුරුව අද (02) උදෑසන පටන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිත් දේශනා විකාශය අවසන් කිරීමට ඒ මහතා කටයුතු කර තිබීම විශේෂත්වයක්.