26 C
Colombo
Friday, October 25, 2024

ශ්‍රී ලංකාවේ කළු සල්ලි මගඩියක් ගැන ඕස්ට්‍රේලියාව හෙළි කරයි

- Advertisement -

ඩොලර් මිලියන ගණනක මුදල් විශුද්ධීකරණයක් සම්බන්ධ තොරතුරු හෙළිව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ABC ප්‍රවෘත්ති සේවය, ශ්‍රී ලාංකික පුවත් සේවයක් සහ තවත් මාධ්‍ය ආයතන කිහිපයක එකතුවෙන් පිහිටුවාගත් ගවේෂණාත්මක මාධ්‍ය එකමුතුවක් වන ‘ෆෝ කෝනර්ස් (four corners) විසින් සිදු කරන ලද විමර්ශනයකදී මේ බව හෙළිව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු සමාගමක් වන Aspen Medical විසින් සම්මත ටෙන්ඩර් පටිපාටියට පිටතින් සිදුකරන ලද ඩොලර් මිලියන ගණනාවක සෞඛ්‍ය උපකරණ ගණුදෙනුවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකාවට සම්බන්ධ ගණුදෙනු ද හෙළිව ඇත.

ඩොලර් මිලියන ගණනක් වටිනා හම්බන්තොට රෝහල් ව්‍යාපෘතියකට අදාලව Aspen Medical සමාගම විශාල මුදල් විශුද්ධිකරණ විමර්ශනයක පැටලී ඇති බව ‘ෆෝ කෝනර්’ විසින් තහවුරු කර ඇත.

එය 2012 වසරේ සිදුවූ ව්‍යාපෘතියක් වන අතර ඒ සඳහා සමාගම විසින් එවකට ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය හා රක්ෂණ සංස්ථාවෙන් (EFIC) ඩොලර් මිලියන 18.8 ක රක්ෂණ ඇපකරයක් හරහා විධිමත් ලෙස ඕස්ට්‍රේලියානු රජයේ සහාය ලබාගෙන තිබුණි.

එනමුත්, සමාගම කවදා හෝ වෛද්‍ය උපකරණ සපයා තිබේද යන්න පිළිබඳව ‘Four Corners’ වෙතින් ප්‍රශ්න කිරීමේදී ඊට පිළිතුරු දීම Aspen සමාගම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත්, Aspen Medical හි ශ්‍රී ලංකාව සමඟ ප්‍රථම ගනුදෙනුව Saber Vision Holdings නම්  බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් අභිරහස් සමාගමක් සමඟ සිදු කළ යුරෝ මිලියන 1.4 (ඩොලර් මිලියන 2.1) ගෙවීමක් වූ අතර එම ගණුදෙනුව එම කාලයේදී ශ්‍රී ලංකා පොලිසියේ අවධානයට ලක්විය.

නීති විරෝධී ක්‍රියාකාරකමක් හරහා උපයාගත් මුදල් ලෙස පොලිසිය සැක කළ එම මුදල
යුරෝ මිලියන 4.3ක විශාල ගණුදෙනුවක කොටසක් විය.

රාජපක්ෂ පවුලට සම්බන්ධ  කුප්‍රකට වූ අතරමැදි ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරාට මෙම සමාගම අයත් වේ.

2016 දී ඔහු වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ වෙනුවෙන් මුදල් එකතු කළ බවට පාපොච්චාරණය කළ අතර එය නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට හේතු විය.

අදාල ගනුදෙනුව ගැන විමර්ශනය කරන අවස්තාවේදී පොලිසිය විසින් නිමල් පෙරේරාගේ පුද්ගලික බැංකු ගිණුම්වලට පැමිණ ඇති පැහැදිලි කළ නොහැකි මුදල් වල මූලාශ්‍රය ගැන ප්‍රශ්න කළ විට, ඔහු ඔවුන්ට පැවසුවේ එය ලිපිනයක් හෝ දුරකථන අංකයක් සමඟ සනාථ කළ නොහැකි ඉතාලි ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් බ‍වයි.

Saber Vision Holdings ගැන තවදුරටත් විමසූ විට ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් සමාගම ගැන කිසිවක් නොදන්නා” බවත්, එම සමාගම ඔහුගේ ඉතාලි මිතුරෙකුට සම්බන්ධ බව තමා විශ්වාස කරන බවත්ය.

කෙසේ නමුත්, එම සමාගම නිර්නාමික ඉතාලි ව්‍යාපාරිකයෙකුට අයත් ව්‍යාපාරිකයක් නොව නිමල් පෙරේරාටම අයත් බව පසුව බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස් වෙතින් පොලිසියට ලද ආයතනික ලේඛන මගින් හෙළි විය.

ඔහු පොලිසියට බොරු කීවේ මන්දැයි ‘Four Corners’ විසින් ප්‍රශ්න කළ විට නිමල් පෙරේරා මහතා පැවසුවේ “නෑ, මට පිළිතුරු දීමට අවශ්‍ය නැහැ, සමාවෙන්න” යනුවෙනි.

නිමල් පෙරේරා තමා කිසි දිනෙක සෞඛ්‍ය අංශය සමඟ ගණුදෙනු කර නොමැති බව පැවසූ අතර තමා Aspen Medical සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පැවසීය.  ඔහු EN-Projects හි නියෝජිතයෙකු ලෙස පමණක් සේවය කර ඇති බව ඔහු පැවසීය.

ගුවන් යානා නිෂ්පාදක සමාගමක් වන Airbus හි මව් සමාගම වන EADS විසින් ලබා දෙබ ලද ගෝලීය අල්ලස්  ඇමරිකානු ඩොලර් සිය දහස් ගණනක් 2013 දී, Saber Vision Holdings හට ලැබුණි.

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිය ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් එයාර්බස් විසින් සිදුකරන ලද උක්ත ක්‍රියාව හේතුවෙන් 2020 ජනවාරි මාසයේදී දූෂණ විමර්ශනය සමථයකට පත් කිරීම සඳහා එයාර්බස් විසින් ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදයට ඩොලර් බිලියන 4 ක් ගෙවා ඇත.

සිය රෝහල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලෝකයේ කිසිම රටක රජයේ ආයතනයකින් හෝ අධිකරණයකින් කිසිදු ඉල්ලීමක් ලැබී නොමැති නමුත් එවැනි විමසීම් සඳහා සිය සම්පූර්ණ සහාය දෙන බවයි Aspen Medical පවසන්නේ.

එයාර්බස් මගඩිය ප්‍රසිද්ධියට පත් වූයේ 2019 දී බවත් ඒ වන විට සිය සමාගම Saber Vision Holdings වෙත මුදල් ගෙවා වසර ගණනාවක් ගතව තිබූ බවත් Aspen Medical සමාගම පවසන ලදි.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...