25.1 C
Colombo
Friday, November 29, 2024

මම හොරකම් කළා කියලා JVP කියන්නෙ බොරු – මෛත්‍රිපාල

- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට එල්ල කරන ලද චෝදනා දේශපාලන වාසි තකා පදනම් විරහිතව එල්ලකරන ලද චෝදනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා පවසන්නේ තමාට හා තම පවුලේ සාමාජිකයන් හට මහබැංකු බැදුම්කර වංචාවෙන් සොරාගත් මුදලින් යම් කොටසක් බෙදාදුන් බවට දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කළ චෝදනාව තරයේ පිළිකුලින් යුක්තව හෙළා දකින බවයි.

තමන් මහ බැංකු වංචාවේ දූෂිත ගණුදෙනු හෙළිකර ගැනීමට වෝහාරික විගණනයක් පවා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පවා පත්කළ බව නිවේදනය මගින් සිරිසේන මහතා සිහිපත් කරනවා.

එම ක්‍රියාව දෙස් විදෙස් ගෞරවයට පවා පාත්‍රවූ බවයි ඒ මහතා සදහන් කරන්නේ.

මෙම ව්‍යාජ චෝදනා සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද නිවේදනයේ සදහන්.


RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

POPULAR ARTICLES

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...