26.1 C
Colombo
Wednesday, November 27, 2024

රටේ සෞභාග්‍යය කඩාවැටිලා- මහබැංකුව කියයි

- Advertisement -

ශ‍්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයේ සිට ගිය (2019) වසරේ දී 0.802 ක අගයක් දක්වා අඩු වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊයේ (29 දා ) නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.
 
 මේ සඳහා ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි.
 
 මේ අතර ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකය 2019 වසර තුළ දී වැඩිදියුණු වී ඇත.
 
 සංචාරක හා ඒ ආශ‍්‍රිත කර්මාන්ත කෙරෙහි පාස්කු ඉරු දින ප‍්‍රහාරයෙන් ඇති වූ බලපෑම මත විරැුකියාව ඉහළ යෑම සහ 2019 වසරේ අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් පදනම් කොටගෙන සාපේක්ෂව ඉහළ උද්ධමනයක් වාර්තා වීම, ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකයේ පහළ යෑමට ප‍්‍රධාන වශයෙන් හේතු විය.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ආරක්ෂාව පිළිබඳව ඇති වූ අවිනිශ්චිතතාව සමඟ පොදු ප‍්‍රවාහන මාධ්‍ය භාවිතය අඩු වීම, සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ පහළ යෑම කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධකය විය.
 
 සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය සහ මහජනතාවගේ වත්කම් යන අංශවල ඉහළ වර්ධනය යන කරුණු ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයේ ඉහළ යෑමට ප‍්‍රධාන වශයෙන් දායක වී ඇතැයි ද මහ බැංකුව ඊයේ නිකුත් කළ එම නවතම වාර්තාවේ දැක්වේ.
 
(දිවයින)

RECENT ARTICLES - SINHALA

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් හරවා යවලා

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ආපසු හරවා යවා තිබෙනවා. ඒ , මේ වන විට පවතින අධික වැසි සහිත කාල...

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි

දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

හදිසි ආපදා වාර්තා කරන්න දුරකථන අංක 4ක්

රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සඳහා ඊයේ (26) සිට පැය 24...

POPULAR ARTICLES