අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ධූරයෙන් ඉවත් නොවන ලෙසට බල කරමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක් අරලියගහ මන්දිරය අසළට රැස්ව උද්ඝෝෂණයක නිරතව සිටිනවා.
විරෝධතාවේ නිරත වූ පිරිස මේ වනවිට අරලියගහ මන්දිරයට තුළට පැමිණ අගමැතිවරයාට පක්ෂ සටන් පාඨ කියමින් සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසන්නේ අද දවසේදී හෝ නුදුරු දිනකදී බොහෝ දුරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපෂ මහතා ධුරයෙන් ඉවත් වනු ඇති බවයි.