මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකයන් හා මැරයන් ගාලු මුවදොර සිටින විරෝධතාකාරුවන්ට පහරදී එහි දේපලවලට අලාභහානි සිදුකිරීමට විරෝධය පා තැපැල් සේවකයන් මේ මොහොතේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්රියාත්මක කර ඇති බව නිවේදනය කරනවා.
තැපැල් සේවකයන් පවසන්නේ අදාළ පහරදීම නින්දිත හා මිලේච්ඡ ප්රහාරයක් බවයි.
මේ අතර ජාතික රෝහලේ සේවකයන් රෝහලෙන් ඉවතට පැමිණ මෙම ප්රහාරයට විරෝධය දක්වනවා.
එමෙන්ම නීතිඥයින් රැසක් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට මේ වන විට විරෝධතාවයේ නිරත වනවා.