29 C
Colombo
Saturday, April 12, 2025

මහින්දට ප්‍රහාරයක්

- Advertisement -

පොදුජන ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති, හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී ගිණි තැබීමට කොළඹට පැමිණි අවස්ථාවේදීයි.

මහින්ද කහඳගම රාජපක්ෂ සමීපතයෙකු වන අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ ඉදි වුණු පදික වෙළෙන්ඳන් සඳහා වූ විශේෂ ස්ථානවල ඉඩකඩ වෙන් කිරීමේ දී එහි දේශපාලන හස්තය මෙහෙයවූයේ මහින්ද කහඳගමය.

එම රජය පවතින කාලයේ මහින්ද කහඳගම තම බලපරාක්‍රමය පෙන්නුවේ තමන්ගේ සංගමයේ සාමාජිකත්වය නැති කිසිදු කෙතනකුට කොළඹ පදික වෙළෙඳාම් කළ නොහැකි බව පවසමිනි.

එසේම ආණ්ඩුව වෙනුවෙන් කොළඹ පැවති මොනම හෝ උද්ඝෝෂණයකදී විනාඩි කිහිපයක් තුළ පිටකොටුව බෝධිය ළඟට, කොටුව දුම්රිය පළ ළඟට සෙනඟ ගෙන්වූයේ ඔහුය.

ජනතා අරගලයට පහරදීමට පැමිණි පිරිසට ජනතාව දඬුවම් දෙනවිට ඔහුටද පහරදී තිබුණේ මෙලෙසය.

RECENT ARTICLES - SINHALA

ප්‍රවාහන සේවා ගැන තොරතුරු දැනගන්න දුරකතන අංක කිහිපයක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මක වනවා. කෙසේවෙතත් ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ, මේ...

බන්ධනාගාර රැඳවියන්ට නිදාගන්න ශිෆ්ට් එකක්

බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදා ගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසනවා. 2023 වසරේදී නිකුත් කළ...

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 43ක් අත්අඩංගුවට

2025 වසරේ මාර්තු මස 25 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී ලෙස න් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින්...

POPULAR ARTICLES