තම පියා වන මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ වැඩිහමල් පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා තිබෙනවා.
“අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ. මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා. අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි ද ඔහු ප්‍රංශ පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.
මේ වන විට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙක් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරේ ආරක්ෂිතව සිටින බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.
එම ස්ථානයෙන් කටුනායක බලා පිටත්ව ගොස් ඔවුන් වෙනත් රටකට පලායෑමේ උත්සහයක් පවතින බවටද විවිධ ආරංචි මාර්ග සදහන් කරනවා.