බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කරන්නේ මෙම පුද්ගලයින් දෙදෙනාව කොලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට අද (10) පසුවරුවේ බේරේවැව අසළදී පිරිසක් විසින් පහරදී තිබුණා.
ඒ ඊයේ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයන් හට ගෝඨාගෝගමට හා මයිනාගෝ ගමට ප්‍රහාර එල්ල කිරීමට කිසිදු බාධාවකින් තොරව අවස්ථාව ලබාදීම හේතුවෙන්.
ගාලුමුවදොර රැදී සිටි දේශබන්දු තෙන්නකොන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ගාලුමෝදර විරෝධතාකරුවන්ට පවසා සිටියේ පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් හට ගාලු මුවදොරට පැමිණීමට තමන් කිසිදු ආකාරයකින් අවස්ථාව නොදෙන බවයි.
ඒ සඳහා පොලිස් බාධක යොදවා ඔවුන් නවත්වා තබාගන්නා බවත් බිය නොවී ගෝඨාගෝගමේ සිටින ලෙසත්ය.
කෙසේවෙතත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා පොහොට්ටුවේ මැරයන් හට කිසිදු බාධාවකින් තොරව අරගල භූමියට පැමිණීමට ඉඩලබාදී එය මෙහෙයවූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තද සමග සතුටු සාමීචියේ යෙදෙමින් ඔවුන් සමගම ගාලු මුවදොරට පැමිණියා.
අනතුරුව පොහොට්ටුවේ මැර පිරිස ගාලුමුවදොර සියලු කූඩාරම් කඩා ගිනිබත් කර අරගලකරුවන්ටද පහරදීමට කටයුතු කළා.