කුප්‍රකට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි නිවසට විරෝධතාකරුවන් පිරිසක් පැමිණ පහරදී තිබෙනවා.
පහරදීමෙන් නිවසේ දේපලවලට අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඉරාජ් වීරරත්න පසුගිය ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූවා.
ඒ වෙනුවෙන් ඔහුට 2020 ජනවාරි මාසයේදී සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ධූරයක්ද හිමි වුණා.
මීට අමතරව ඉරාජ් වීරරත්නව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 2021 අගෝස්තු 18 වනදා ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ධූරයක් ලබාදුන්නා.
මීට අමතරව ‘ව්‍යාජ ජනමතයට මුවාවී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු’ යන තේමාව යටතේ ගෝල්ෆේස් අරගලකරුවන්ට එරෙහිව ඉරාජ්, ඩෑන් ප්‍රියාසාද්, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ඇතුළු පිරිසක් පසුගිය අප්‍රේල් 12 වනදා විරෝධතා පාගමනක්ද සංවිධානය කර තිබුණා.
පාගමන අවසානයේ ඩෑන් ප්‍රියසාද් හා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන අය ගෝල්ෆේස් අරගලකරුවන්ට මාධ්‍ය අමතමින් තර්ජනය කරන ආකාරයද දක්නට ලැබුණා.