24 C
Colombo
Sunday, November 17, 2024

දේශබන්දුට පහරදුන් දෙදෙනාට වැඩ වරදියි

- Advertisement -

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

එම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා.

එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ එම සැකකරුවන් හෙට දිනයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරන ලෙසටයි.

කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා සම්පූර්ණයෙන්ම ආවරණය කර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ තවත් සැකකරුවෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත්තේ එම සැකකරු නිරීක්ෂණය කිරීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝග නිකුත් කරන බවයි.


RECENT ARTICLES - SINHALA

වෛද්‍යවරුන් 18ක් මෙවර පාර්ලිමේන්තුවේ

මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් තෝරා පත්කර යැවීමට ජනතාව කටයුතු කර තිබෙනවා. මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ඒ අතරට ඇතුළත් වනවා. ඒ...

ලැබුණු බලය අවභාවිතා කරන්න එපා – සජිත්

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව...

පිපිරීමකින් තරුණයෙක් මරුට

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය...

POPULAR ARTICLES