තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ප්‍රේමදාස මහතා පවසන්නේ කොන්දේසි 4 ක් මත තමන් ඒ සඳහා සූදානම් බවයි.
ඒ අනුව නිශ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපතිවරයා ඉවත්වීම, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීම, 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම, කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම එම කොන්දේසි වනවා.
කෙසේවෙතත් අද පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.