30 C
Colombo
Sunday, November 17, 2024

මහින්දට, නාමල්ට, ජොනීට රට පනින්න තහනම්

- Advertisement -

ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ කොල්ලුපිටිය මයිනා ගෝ ගම යන අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදේශ ගමන්
තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේර්ක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්
තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි,ජොස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, සම්පත් අතුකෝරාල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත, මහින්ද කහඳගම,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය මෙසේ විදේශ ගමන් තහනම් කෙරුණු පිරිසට ඇතුළත් වනවා.

මෙම සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් හත් දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කළ බව ආගමන සහ විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් එහිදී වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතයි. ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි පැවසෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී...

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ...

අපි ඊළඟ පාර අලියාගෙන් ඉල්ලලා දිනමු

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පෙරවරුවේ පවත්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...

POPULAR ARTICLES