24 C
Colombo
Sunday, November 17, 2024

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

- Advertisement -

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න මහතා පවසනවා.

ඔහු පවසන්නේ මන්ත්‍රීවරුන් මෙවැනි ආහාර කා පාර්ලිමේන්තුවට සහභාගීවද්දී රටේ මහජනතාව සිතා සිටින්නේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද භුක්ති විදින බවයි.

තමන්ට වාහනයක් හෝ නොමැති බවත් පාර්ලිමේන්තු පැමිණෙන්නේද අනුන්ගේ වාහනවලට ගොඩවී බවත් ඒ මහතා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළා.

මේ වන තෙක් වාහන ආනයන බලපත්‍රයක් හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් මන්ත්‍රීවරයෙකු වීම නිසාවෙන් භුක්ති විද නොමැති බවද මායාදුන්න මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

විදෙස් ගමන් බලපත්‍ර 66ක් සමඟ දෙදෙනෙක් මාට්ටු

විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් සහ සැකකරුවෙකු කහතුඩුව, සියඹලාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ...

ගුරුවරියන් දෙදෙනෙකු කළ පහරදීමකින් සිසුවියක් මරුට

වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි සිසුවියක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට

10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම්...

POPULAR ARTICLES