පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තමන්ගේ සුඛෝපභෝගී මෝටර් රථ අතහැර කුඩා මෝටර් රථ භාවිතා කරන අයුරු දැකගත හැකි වනවා.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විශාල ගණනක් මෙසේ කුඩා ප්‍රමාණයේ කාර් සහ කුඩා වෑන් භාවිතා කරමින් පාර්ලිමේන්තු පැමිණි අයුරු දැකගත හැකි විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ජනතා ප්‍රහාර හමුවේ මෙලෙස ඔවුන් සැඟවී පැමිණෙන්නට ඇති බවයි පැවසෙන්නේ.
කොරෝනා වසංගතය මධ්‍යයේ සහ අර්ථික අර්බුදය මධ්‍යයේත් සුඛෝපභෝගී මෝටර් රථ ඉල්ලා අරගල කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙසේ කුඩා මෝටර් රථ වල සැඟවී පැමිණීම හාස්‍යයට කරුණක් බවයි සමාජ මාධ්‍යයන්හි දැකගත හැකි වන්නේ.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව දැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.