හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ පසුගිය මැයි (09) වනදා ගාලු මුවදොර ක්‍රියාත්මක සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමටයි.
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත හා පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන අයවද අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළා.