23.9 C
Colombo
Friday, November 29, 2024

බස් ගාස්තු හා අත්‍යවශ්‍ය සේවාවල මිල ඉහළ දාන්න – කැබිනට් මණ්ඩලය

- Advertisement -

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධා නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කරන බවයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ දැමීමට බස් සංගම් සාකච්ඡා කරමින් සිටිනවා.

කෙසේවෙතත් මෙම මිල ගණන් ඉහළ දැමීම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව සිදුකිරීමට එම සංගම් අවධානය යොමුකර තිබෙනවා.

එමෙන්ම අධික ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අනෙකුත් භාණ්ඩ හා සේවා මිලද ඉදිරි දින කිහිපයේදී ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...