25 C
Colombo
Friday, January 24, 2025

ලේක්හවුස් පුවත්පත් 5 ක් සදහටම වසාදමයි

- Advertisement -

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය නිකුත් කරන පුවත්පත් 5 ක් එළැඹෙන ජූනි මස පළමුවනදා සිට නිකුත් නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලේක්හවුස් ආයතනයෙන් මුද්‍රණය කර බෙදාහරින සරසවිය, ආරෝග්‍යා, සුබසෙත, වන්නවානවිල්, කුට්ටි චුට්ටි යන පුවත්පත් මුද්‍රණය සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇති.

මීට අමතරව සතිපතා නිකුත්වූ පුවත්පත් තුනක් මාසයකට එක් වතාවක් පමණක් මුද්‍රණය කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බුදුසරණ පුවත්පත සෑම පසලොස්වක පොහොය දිනකම පමණක් මුද්‍රණය කිරීමටත්, තරුණි පුවත්පත සෑම මසකම පළමු සතියේ බදාදා දින පමණක් මුද්‍රණය කිරීමටත්, මිහිර පුවත්පත සෑම මසකම පළමු සතියේ සඳුදා දින පමණක් මුද්‍රණය කිරීමටත් එම ආයතනය කටයුතු කරන බවට නිවේදනය කරනවා.

මෙම තීරණයට හේතුවී ඇත්තේ මේ වන විට රටතුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් කඩදාසි සපයා ගැනීමේ අපහසුතාවය නිසා බව නිවේදනයේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

පොල් කිරි, පොල් සම්බෝල කතාවේ ඇත්ත නැත්ත

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ සිටම මෙරට තුළ පවතින පොල් හිඟය මෙන්ම සහ පොල් මිල ජනතාවට දැරිය නොහැකි ලෙස අධිකව ඉහළ ගොස් ඇති පසුබිමක ලාංකිකයන්ගේ...

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

Breaking: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ https://www.doenets.lk was www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා එම ප්‍රතිඵල ලබා ගතහැකි...

POPULAR ARTICLES