24 C
Colombo
Friday, November 29, 2024

වැස්සට දරුවන් කුඩ ඉහළමින් සාමාන්‍ය පෙළ ලියන්නට සිදුවූ පාසල හෙළිවෙයි

- Advertisement -

මේ වන විට සමාජ මාධ්‍ය තුළ කැළඹීමකටත් දැඩි සංවේගයක් ඇති කිරීමටත් හේතුවී තිබෙන ඡායාරූප කිහිපයක් පිළිබදව News19 සොයාබැලීමක් කළා.

අදාළ ඡායාරූපවල දැක්වුණේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියමින් සිටින දරුවන් පවත්නා මහවැස්සට හසුවී කුඩ ඉහළාගෙන විභාගයට මුහුණ දෙන ආකාරයයි.

දැඩි කම්පනයක් ඇතිකරන මෙම සිදුවීම සිදුවී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ බව News19 වෙත වාර්තා වුණා.

දරුවන් රැසක් ඉගෙනගන්නා මෙම පාසලේ සිදුවීමට අදාළ මෙම ගොඩනැගිල්ල 1996 වසරේ ඉදිකිරීම් ආරම්භ කර 1998 වසරේ ඉදිකිරීම් අවසන් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට වසර 24 ක් පැරණි මෙම ගොඩනැගිල්ලේ වහලය මේ වන තෙක් කිසිදු අවස්ථාවක අලුත්වැඩියා කර නැහැ.

පාසල පැවැත්වෙන දිනවලදීද වැසි දිනයන්හී මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ සිටින දරුවන් තෙමෙමින් අකුරු කරන බව පාසලේ දෙමාපියන් පවසනවා.

එවන් තත්ත්වයක් තිබියදීත් මෙම ගොඩනැගිල්ලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවසර දුන් පාසල් බලධාරියා කවුරුන්දැයි සෙවිය යුතු වනවා.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...