28.1 C
Colombo
Wednesday, March 26, 2025

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට සිතාසි

- Advertisement -

ගාලුමුවදොර ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල මයිනාගෝගම සාමකාමී අරගලයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලට අදාල සියලු සාක්කි අද (2) උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලෙස එම කොමිසම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට දැනුම් දී තිබෙනවා.

පහරදීමේ සිද්ධියේ පැමිණිලිකරු වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට සාක්කි ලබා දීම සඳහා අද (2) උදෑසන එම කොමිසමේ සභාපති රෝහිණී මාරසිංහ මහත්මිය හමුවේ පෙනී සිටින ලෙස කොමිසම නොතීසි මගින් දැනුම් දුන්නා.

මෙවැනි සිදුවීමක් ඇතිවිය හැකි බව එම සංගමය ඊට පෙරම මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබුණු අතර පහරදීම වූ දිනයේ ද ඒ ගැන පොලිසියට සහ කොමිසමට දැනුම් දී ඇති බව එම සංගමය සඳහන් කරනවා.

පහරදීමේ සිද්ධියට අදාල සියලුම සාක්කි කොමිසමට ඉදිරිපත් කරන ලෙස ද එම කොමිසමේ ලේකම්වරයා විසින් නිකුත් කළ සිතාසියේ සඳහන් වනවා.

මෙම සිතාසිය අනුව සියලු සාක්කි සමඟ අද උදෑසන මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

දරුවන් ගැන අවධානෙන් ඉන්න;දිවි නසාගැනීමට පෙළඹීම් ඉහළට

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (26) අනාවරණය කළා. වෛද්‍යවරු පවසන්නේ, මව්පියන් ජංගම දුරකථන සහ...

යහපත්ව රාජකාරි කළ පොලිස් නිළධාරීන් ඇගයේ

යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම අද (26) සිදුකෙරුණා. ඒ අපරාධ වාර්තා කොට්ඨාසයේ දී. ඒ අනුව අද දිනයේ 140 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව...

සිරි දළදා දැක්ම යොදා මූල්‍ය වංචාවක් කළ බවට සුදත්තට චෝදනා

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා 'සිරි දළදා දැක්මට' පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක්...

POPULAR ARTICLES