28.8 C
Colombo
Wednesday, March 26, 2025

මගේ හුරතල් පුතාට පොලීසියෙන් පහරදීලා – දිලිප් වෙදාරච්චිගෙන් පැමිණිල්ලක්

- Advertisement -

තමාගේ පුත්‍රයාට පොලිස් නිළධාරීන් පහරදුන් බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා අද (05) වීරකැටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිද්ධිය ගැන සාධාරණ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එසේම හෙට (07) දිනයේ තම පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ පොලිසියට ඉදිරිපත් කරන බවද පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා කියා සිටියා.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් “සාපරාධී බලහත්කාරය පෑ” තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි සිල්වා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ මන්දැයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ ඔවුන් තවමත් සැඟවී සිටින බවයි.

කෙසේ වෙතත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

CCD නිලධාරීන් 6 දෙනෙක් පෙත්සම් ඉල්ලා අස්කර ගනී – නෙවිල් සිල්වා ගැන තීරණය දීර්ඝ...

මාතර, වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් පෙත්සම් ගොනු කර තිබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු...

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා මාතර අධිකරණයට

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නඩු කටයුත්තක් සඳහා අද (26) උදෑසන මාතර අධිකරණය සංකීර්ණය වෙත රැගෙන ආවා. දැඩි ආරක්ෂක...

දේශබන්දු ධුරයෙන් යවන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව...

POPULAR ARTICLES

දේශබන්දුට එරෙහිව ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අදාළ පරිපුරකයට ඇතුළත්...