27.6 C
Colombo
Sunday, April 13, 2025

කැලණි ගඟේ නයා පෙන්නපු දෙරණෙන් මෙවර හන්තානේ චූඩ මාණික්‍යයක්

- Advertisement -

එළඹෙන පොසොන් පොහෝ දින හන්තානේ සඳගිරි මහ සෑයට පැළඳවීමට නියමිත දෙරණ මාධ්‍ය ජාලය මගින් පූජා කළ බව පැවසෙන චූඩා මාණික්‍යය ප්‍රථම වරට වැඩම කර ප්‍රදර්ශනය කිරීමක් අද සිදු කෙරුණ.

ඒ,දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදීයි.

ඒ අනුව හෙට දින මෙම චූඩා මාණික්‍යය කැලණිය රජමහා විහාරයට වැඩම කර එහිදී ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව හන්තානේ සඳගිරි මහ සෑ පූජා භූමියට වැඩම කරවීමට නියමිතයි.

අනතුරුව එළඹෙන බදාදා සිට පොසොන් පොහෝ දින දක්වා මෙම චුඩා මාණික්‍යය හන්තානේ සඳගිරි මහ සෑයේ සැදැහැතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කරන බව දෙරණ මාධ්‍ය ජාලය නිවේදනය කරනවා.

පසුගිය ජනාධිපතිවරණයට පෙරද දෙරණ මාධ්‍ය ජාලය මෙවැනිම ආගමික ප්‍රදර්ශනයක් කැලණි විහාරය හා එක්ව සිදුකළා.

එහිදී කැලනි විහාරයේ විහාරාධිපති කොල්ලුපිටිය මහින්ද සංඝරක්ඛිත හිමියන් විසින් කැලනි විහාරයට නාග ලෝකයෙන් ධාතු වැඩම්මවූ බවත් උන්වහන්සේට විශාල ශබ්දයක් ඇසුන පසු උදාර නම් පුද්ගලයෙක් කැලණි ගඟ පතුළට ගොස් කරඩුවක් සහිතව ගොඩට ආ බව දෙරණ මාධ්‍ය ජාලය විකාශය කළා.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...