සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (08) දින සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව පවසනවා.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
මෙම තීරණය සම්බන්ධයෙන් තමන් සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිත දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.
කෙසේවෙතත් තමන් ආණ්ඩුවට එක්වන බවට පැතිර යන කටකතා සම්පූර්ණ අසත්‍ය බවත් වත්මන් ආණ්ඩුවෙහි කිසිදු අමාත්‍ය ධූරයක් දැරීමට තමන් සූදානම් නොමැති බවත් චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඊට අදාළ දර්ශන පහතින්,