බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වීමට නියමිත ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ප්‍රබල අමාත්‍යධූරයක් පිරිනැමීමට ආණ්ඩුව සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව මෙරටට විදෙස් ආයෝජන ලබාගැනීම ඉලක්ක කරගත් අමාත්‍ය ධූරයක් ඔහුට ලැබීමට නියමිතයි.
මේ අතර ධම්මික පෙරේරා මහතා ඊයේ (08) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවට එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙරට ප්‍රධාන පෙළේ සමාගම් සමූහ දෙකක් වන හේලීස් PLC හා වැලිබල් වන් PLC යන සමාගම් හි පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා යටතේ පවතිනවා.
කලක් ඔහු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත්, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරනු ලැබූවා.
කෙසේවෙත් කුප්‍රකට රතුපස්වල වෙඩිතැබීමේ සිදුවීමට අදාළව හා මෙරටට කසල කන්ටේනර් රැගෙන ඒමේ සිදුවීමට අදාළව ධම්මික පෙරේරා මහතාට සෘජුවම චෝදනා එල්ල වුණා.