25 C
Colombo
Sunday, November 17, 2024

දේශබන්ධුට එරෙහිව විමර්ශනයක්..!

- Advertisement -

ගාලුමුවදොර දි ඉකුත් 9 දින ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය ගැන මූලික විමර්ශනයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එම විමර්ශනය ආයතන සංග්‍රහය යටතේ සිදුකරන ලෙසත් ,  එම නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් මෙම මූලික විමර්ශනය සිදු කළ යුතු බවට ද ලේකම්වරයා ගේ ලිපියේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසනවා .

පරීක්ෂණය ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයාව සිට , අරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන සමන් දිසානායක මහතා හෝ සුදුසු නිලධාරියකු සහය ලබාගන්නා ලෙසත්, මෙම පරීක්ෂණය සිදු කර දින 45 ඇතුළත තමන් වෙත වාර්තාව ලබා දෙන ලෙසත් ලේකම් වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන බව ආරංචි මාර්ග පවසනවා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES