මුව ආවරණ නොමැතිව මහාමාර්ගයේ ගමන් කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් අයෙකුට රුපියල් 5000ක දඩයක් නියම කර තිබෙනවා.
ඒ, අදාල නඩුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු ඉදිරියේ පෙරේදා (07) කැඳවූ අවස්ථාවේදී.
අධිකරණයෙන් නිකුත් කරන ලද සිතාසියක් මත අධිකරණය හමුවේ පෙනීසිටි නිහාල් නැමැති අදාල පුද්ගලයාට එරෙහිව නඩුව පවරා තිබුණේ දිවුලපිටිය පොලිසිය විසිනි.
මේ අතර, මුව ආවරණ නීතිය හෙට (10) සිට ලිහිල් කරන බව දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හෙට (10) සිට මුව ආවරණ පැළඳීම අනිවාර්යය නොවන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
මේ අතර, අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග ලැබී ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට හෝ සොයා ගැනීමට පොලිසියට මෙතෙක් නොහැකිව තිබෙනවා.