25 C
Colombo
Sunday, November 17, 2024

ජොනී අධිකරණයට භාරවෙයි

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙරකොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට භාරවී ඇති බව වාර්තා වනවා.

ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව ඔහු සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කළා.

කෙසේ නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබුණේ නෑ.

පසුව, ඔහු විසින් අත්අඩංගුවට ගැනීමට වළක්වන ලෙස ඉල්ලා රිට් පෙත්සමක් ගොනු කළ අතර එහිදී අභියාචානාධිකරණය නියෝග කළේ, අද රාත්‍රී 8.00 ට පෙර ඔහුට අධිකරණයට භාර වන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES